(UPDATE) කොළඹ පදික වෙළඳුන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් නාගරික මන්ත්රී මහින්ඳ කහදගම මහතා එළැඹෙන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලිපිටිය මහතා නියෝග කළේය.
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සාමාජික වෙළෙඳුන්ගෙන් අනිසි ලෙස මුදල් අයකරන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති, නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත වැල්ලවත්ත පොලිස් වංචා දූෂණ මර්දන ඒකකය විසින් අද (09දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.