හිටපු ජනපති මහින්ද රාජපක්ෂට වසර දෙකක් බලය තිබියදී මැතිවරණය කලින් පැවැත්වීමට බලපෑ හේතු දෙකක් පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27දා) හෙළිකළේය.
"හිටපු පාලකයා අද වෙනකම්ම උත්තරයක් දීලා නෑ ඇයි අවුරුදු දෙකක් තියෙද්දී ඡන්දයකට ගියේ කියලා. මැතිවරණය කිලින් තිබ්බේ ප්‍රධාන කරුණු දෙකක් නිසා. එකක් ජිනීවා මානව හිමිකම් යෝජනාවට මුහුණදීමට නොහැකි වීම අනෙක තමයි අද කතා කරන ආරථික අර්බූදය" යැයි ජනපතිවරයා පැවැසීය.
අද (27දා) මාධ්‍ය ආයතන ප්‍රධානින් හා ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව අනාවරණය කළේය.
එසේම හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා තමන්ට එක් අවස්ථාවකදී 'ඇමතිතුමා මට දැන් නම් හිටියා ඇති මමත් දැන් ඉක්මනටම අයින් වෙන්න තමයි බලාපොරෝත්තු වෙන්නේ' කියා පැවැසූ බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.