මහින්ද රාජපක්ෂ මහතා අද පැවැසුවේ පරණ කතාවම බවත්, එහි නව කිසිවක් නැති බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානයක මහතා සිය ෆේස් බුක් ගිණුමට අදහස් දක්වමින් පවසයි.
එසේම ජනතාව අතීතයේ කුණු බක්කියට මහින්ද රාජපක්ෂ මහතා දමන බවත් හිටපු ජනපතිවරයා පියවරෙන් පියවර පහළ වැටීම දකින්නට ලැබීම දුකක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පැවැති ආණ්ඩුවේ ඇමතිවරයෙක්වූ නවීන් දිසානායක මහතා පසුගිය ජනපතිවරණයේදී එයින් ඉවත්ව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයට එක්විය.