මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ තමන්ට ලබාදුන් රාජ්‍ය ප්‍රතිසංස්කරණ අමාත්‍යධුරයට අදාළව කිසිඳු ආයතනයක් තමාට නොදුන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
අඟලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් එම කාල සීමාවේදී තමන් රාජ්‍ය සේවකයන් ගැන මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප වෙනස් කිරීම පිළිබඳව ඉගෙන ගත් බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් තොරව කිසිඳු දෙයක් නොමැති බවත් එය රටේ ක්‍රමය බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කරයි.
“දේශපාලනයෙන් තොරව වාතාවරණයක් කොහෙවත් නැහැ. පොලීසියේ, උසාවි භූමියේ හැමතැනම දේශපාලනය. ඒක තමයි මේ රටේ ක්‍රමය. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. ඉතින් මේ ක්‍රමය තුළ අපි අපගේ ඉලක්කවලට යන්නේ කොහොමද කියන එක තමයි ගැටලුව. අපි කෙලින් කතා කරලා කෙලින් වැඩ කරන්න අවශ්‍යයි.”