පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 113ක් අවශ්‍ය බැවින් මන්ත්‍රී ධුර 43ක් තබාගෙන මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවක් පිහිටුවන බව පැවසීම විහිළුවක් බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා බලලෝභී දූෂිතයන් කලබල කරමින් සිටින බව කී ඇමතිවරයා කුමන්ත්රණකාරී ලෙස මාධ්‍ය, වෙබ්අඩවි අයථා ලෙස උපයාගත් ධනය භාවිත කරමින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේය.
කළුතර නව පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ සියලුදෙනාටම විවෘතව පවතින බවත්, කොතැනක හෝ දූෂණයක්, වංචාවක් , අනර්ථකාරී ක්‍රියාවලියක් සිදුවන්නේ නම් වගකිවයුතු අංශවලට දැනුම් දෙන ලෙසත්ය.
අද වන විට පක්ෂ පාට භේදයකින් තොරව සෑම කෙනෙක්ම දූෂිත බලවේගවලට එරෙහිව නැගී සිටින බව කී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක පවුලක් වටා කැටි ගැසිණු දූෂිතයන්ගේ කේන්දරවලට රට ඉදිරියට ගිය යුගය අවසන් බවයි.