හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් රජයේ සිටින නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට අද (02දා) සවස ගොස් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස හමුවූහ.
හිටපු ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරුන් පිරිස වෙන වෙනම බන්ධනාගාරය තුළට ගියද, ඇතුළතදී රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවත්වූ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන, වන අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිමල් ලංසා, අරුන්දික ප්‍රනාන්දු, අර්ල් ගුණසේකර, සුසන්ත පුංචිනිලමේ ඇතුළු නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් එක්ව සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු