ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය කෙරුණු ජනපතිවරණ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ චෝදනා පිළිබඳව මහා පරිමාණ වංචා, දූෂණ හා බලය අයුතු ලෙස යොදාගැනීම පිළිබඳ ජනපති කොමිසම හමුවේ පිට පිටම දෙවැනි දිනයටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා) පෙනී සිටියේය.ඊයේ දිනයේදීත් ඔහු කොමිස හමුවේ පෙනී සිටියේය.