විනිසුරුවරුන්ගේ වැඩමුළුවකට කොළඹ මහාධිකරණයේ රාජකාරියේ නියුතු විනිසුරුවරුන් හත්දෙනාගෙන් හයදෙනෙකුම සහභාගි වීම නිසා කොළඹ මහාධිකරණයේ ප්රධාන විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා මහාධිකරණ ශාලා හතේම නඩු කටයුතු අද (28දා) ආවරණය කළේය.
කොළඹ මහාධිකරණයේ ප්රධාන විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා මුලින්ම එකින් එක මහාධිකරණ ශාලාවට ගොස් එම මහාධිකරණ ශාලා හයේ නඩු කටයුතු ආවරණය කිරීමෙන් අනතුරුව අවසානයේ මහාධිකරණයේ ප්රධාන ශාලාවට පැමිණ එහි නඩු විභාග කිරීම ආරම්භ කළේය.
මහාධිකරණ විනිසුරුවරයෙකු එකින් එක උසාවි ශාලාවට ගොස් නඩු කටයුතු විමසූ ප්රථම අවස්ථාව මෙය වන බවද අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.