පිළිගත් ක්‍රමවේදයෙන් පිට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම අධිකරණයේ ස්වාධිනත්වයට තර්ජනයක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මඩකලපුවේ නීතීඥයකු වශයෙන් කටයුතු කල රාමනාදන් කන්නන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම සිය කාලය තුළදී පුද්ගලික නීතීඥයන් අතරින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළේ එක් නීතිඥයෙකු පමණක් බවත් එම කාලය තුළදී අභියාචනාධිකරණයට හෝ මහාධිකරණයට එකම පුද්ගලික නීතීඥයෙකු වත් පත්කොට නැති බව ඔහු කියයි.
උතුරු නැගෙනහිර පළාත් සඳහා දෙමළ කතාකරන විනිශ්චයකාරවරයෙකු පත් කිරිමට අවශ්‍ය තිබුණේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වවුනියා දිසා විනිසුරු ඩී.එල්.ඒ.මනාස් මහතා බව අධිකරණ සේවා සංගමය පෙන්වාදී ඇතැයි හිටපු ජනපත පවසයි.