මහාචාර්ය සුනිල් ශාන්තයන් රූපවාහිනී අධ්යක්ෂ ජනරාල්
මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇත.
ඒ මහතා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයනාංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙසද කටයුතු කරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව හා ශාස්ත්‍රපති උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ඇති ඒ මහතා මීට අමතරව ගුවන්සේවා මෙහෙයවීම පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ඇත.
මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අධ්‍යයනාංශ ප්‍රධානී හා පීඨාධිපති ඇතුළු පරිපාලන තනතුරු රැසක්ද හොබවා ඇත.
විශ්වවිද්‍යාලය, පරිසර අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අයත් විවිධ මණ්ඩල හා කමිටු ගණනාවක සාමාජිකයෙකු වශයෙන්ද ඒ මහතා කටයුතු කර ඇත.
සංචාරක අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ ව්‍යාපෘති කිහිපයක ප්‍රධාන උපදේශකවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර, ඒ මහතා ගාල්ල රතනසාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
