ජපාන සංස්කෘතිය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම ඇගයීමක් වශයෙන් “ද ඕඩර් ඔෆ්ද රයිසින් සන්, ගෝල්ඩ් රේස් විත් නෙක් රිබන්”යන සම්මානය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෙත පිරිනැමීමට ජපන රජය කටයුතු කර තිබේ.
එය පසුගිය 29දා ජපාන රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්රමුඛ සායනික වෛද්‍යවරයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා 2010 වසරේදී ජපාන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංස්කෘතික අරමුදල් සම්මාන (බුන්කා සම්මාන) කමිටුවේ සම - සභාපති ලෙස පත්කෙරිණි.
ඔහුගෙන් මෙම කමිටුව වෙත ලැබුණු නායකත්වය සහ දායකත්වය බුන්කා සම්මාන ශ්‍රී ලංකාව තුළ වඩාත් සුවිශේෂී තත්ත්වයකට ගෙන ඒමටත් එම තත්ත්වය ස්ථායීව පවත්වා ගැනීමටත් වඩාත් ඉවහල් විය.