හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටින මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26 දා) පස්වරුවේ ජාතික රෝහලට ගිය බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනපති අද පැවැති ජාතික ආඝාත දින පා ගමන අවසන් කර ජාතික රෝහලට ගිය අතර එහිදී ජනපති ෆොන්සේකා මහතා සමඟ සුහද පිළිසඳරක යෙදුන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.