ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය ඔහු කැමතිනම් දිගු කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ම මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීය.
සභාපතිවරයාගේ නිල කාලය දෙසැම්බර් මස අවසන් වීමට නියමිත බවත් ඔහු මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව තම වපසරිය තුළ ඉතා ඉහළ කාර්යයක් සභපතිවරයා ඉටුකළ බවද නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.