ශ්රී ලංකාවේ ජාතික ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරු ලංකාවට පැමිණි දින සිට හෝ මහාවංශය ආරම්භ වූ දින සිට යැයි තීරණය කිරීම අසාධාරණ බවත්, මහාවංශයට පෙර ලංකා ඉතිහාසය පිළිබඳව සොයායාමට කිසිවෙකුට තහනමක් නොමැති බවත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මහාවංශ කමිටුවේ සාමාජිකා මාලනී ඇඳගම මහත්මිය පැවසුවාය.
මහාවංශයට පෙර ඉතිහාසය පිළිබඳ කරුණු රැසක් මහාවංශය තුළම සඳහන් වන බවත්, ලිඛිත ඉතිහාසයක් නොමැතිකමින් මහාවංශයට පෙර ඉතිහාසය පිළිබඳව එතරම් කතාබහට ලක්නොවන බවත් ඇඳගම මහත්මිය ප්රකාශ කළාය.
කෙසේ වෙතත් මහාවංශයට එහා වංශය පිළිබඳ යමෙකු ගවේෂණය කිරීමට අදහස් කරයි නම් එය යහපත් කාරණයක් බවද මාලනී මහත්මිය පැවසුවේ අද (23දා) පැවැති මාධ්යහමුවකදීය.