සහනදායි ණය යටතේ ක්‍රියාත්මක වන විශාල පරිමාණයේ ව්‍යාපෘති හැර වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (Port City Development Project) උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වැනි අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදුකිරීම ඇතුළුව එම ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකාවේ නීතිය අනුව අනුගමනය කළ යුතු මූලික පියවර ගෙන තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට කැබිනට මණ්ඩලය තීරණය කරතිබේන බව ඊයේ නිකුත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග යන අමාත්‍යවරු කමිටුව නියෝජනය කරති.
එමෙන්ම මෙකී ව්‍යාපෘති සඳහා ලබාදී ඇති බදු සහන පිළිබඳවද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.