බලශක්ති අර්බුදයට විසඳුමක් හා අඩු වියදම් විදුලි නිෂ්පාදනය කෙරෙහි යොමුවීමක් වශයෙන් ජලාශ මත පාවෙන සූර්ය විදුලිබලාගාර ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටා තිබෙන ජලාශවල මෙම පාවෙන විදුලිබලාගාර ඉදිකිරීමට නියමිතය.
එහි පළමු පියවර වශයෙන් මාදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් 4%කටත් අඩු ප්‍රමාණයක් යොදාගනිමින් මෙගාවෙට් 100ක ධාරිතාවයෙන් යුතු සූර්ය බලාගාරයක් ඉදිකිරීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන‚ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.