හැටන් පොලිස් වසමට අයත් රුවන්පුර මහවැලි ගම්මානය අසල වගා රක්ෂිතයක ඊයේ (17දා) රාත්රී හටගත් ගින්න මේ වනවිටත් පැතිර යමින් පවතින බව එම ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.
ඊයේ පස්වරු 6.00ට පමණ හටගත් ගින්න මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල දෙසට පැතිර යමින් පවතින බව ඔවුහු පවසා සිටිති.
පවතින වියළි කාලගුණයත් සමගම කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලීසිය සැකකරයි.
මෙම ගින්න හේතුවෙන් කඳු බෑවුම් සහිත වන වගා රක්ෂිතය තුළ සිටින වන සතුන්ට හා කදුකරයට ආවේණික පක්ෂි වර්ග ගණනාවකට අනතුරු සිදු විය හැකි බව ප්රදේශවාසීහු පවසා සිටිති.
ගින්න පාලනය කිරීමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත්ව නොමැත. මේ සම්බන්ධයෙන් හැටන් වන සංරක්ෂණ කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරිනියක පවසා සිටියේ මෙම ගින්න පිළිබඳව තම කාර්යාලයේ නිලධාරීන් දැනුවත් නොමැති බවත් පැතිර යමින් තිබෙන ගින්න මැඬපැවැත්වීමට කටයුතු කරන බවත්ය.