ධීවරයෙකුගේ දැලකට පැටලී ඊයේ (02දා) සවස සූරියපුර, කළු පාලම අසල මහවැලි ගං ඉවුරෙන් ගොඩගත් පාර්සලය තුළ තිබී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හඳුනා ගැනීමට ගෙලෙහි පලඳින අංක තහඩු 196ක් තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
ඉලක්කම් හතරකින් දැක්වෙන මෙම අංක තහඩුවල දමිළ බසින් අකුරු තුනක්ද දැක්වෙන අතර, මෙම අංක තහඩු සමග ටී-56 ගිනි අවියක 'කොකින් හැඩල්' නමැති කොටසක්ද සොයාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඩී.වී.පී. අජිත් හේසිරි මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ සූරියපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.කේ. දේවප්‍රිය බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට දැනුම් දී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබිණි.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව