මහවැලි කේන්ද්‍රයේ නව අධ්යක්ෂවරයා ලෙස අරුණ ලේකම්ගේ මහතා පත් කර ඇති අතර ඒ මහතා ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මෙම ධූරය සඳහා අරුණ ලේකම්ගේ මහතා පත් කර තිබේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ මෙන්ම එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අරුණ ලේකම්ගේ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සහ සිලෝන් ඇසට් මැනේජ්මන්ට් යන සමාගම්වල විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද, ද ෆිනැන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද එම මූල්‍ය ආයතන නගා සිටුවීමට දායක වී තිබෙන අතර ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නැවත ගොඩනැඟීමේ අංශයේ ප්‍රධානියා ලෙස ද සේවය කර තිබේ.