(UPDATE) කඩවත, මහර බන්ධනාගාරය අසල සිදුවූ වෙඩි තැබීමෙන් මිය පුද්ගලයා රත්මලානේ පදිංචි සුරේශ් අසංක නොහොත් ලංසියා (අවු.35) යැයි හඳුනාගෙන තිබේ.
හෙරොයින් සම්බන්ධ නඩුවකට පෙනී සිට නඩුව අවසන් වී සිය මෝටර් රථයට ඇතුළු වන අවස්ථාවේදී තවත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
T 56 ගිනිඅවියක් සහ මී.මී. 09 පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවද අනාවරණය කරගෙන තිබේ.
මියගිය අසංකගේ පියා සහ බාප්පාද මීට පෙර ඝාතනය කර ඇති අතර, පෞද්ගලික කෝන්තරයක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයිද වාර්තා වේ.
මෙම ඝාතන සිද්ධියේ එක් සැකකරුවෙකු හඳුනාගෙන ඇති බවත්, ඔහු සහ මියගිය පුද්ගලයා පාතාලය සමග සබඳතා පැවැත්වූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
මහර උසාවිය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමට ලක්වූ පුද්ගලයා මිගගොස් ඇත. ඔහු පැමිණි මෝටර් රථයේ ඔහු සමග ඔහුගේ බිරිද සහ දරුවන්ද සිටි බවත් ඔහුන්ට හානියක් සිදුව නොමැති බවත් වාර්තාවේ
කඩවත, මහර උසාවිය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමෙන් පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු මෝටර් රථය ඇතුළත සිටින විට තවත මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීමට සිදුකර පළා ගොස් තිබේ.
හෙරොයින් නඩුවකට පෙනී සිටීමට පැමිණි සැකකරුවෙක් මෙසේ වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.