පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නැවත වරක් උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්වන බව උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසයි. එතෙක් උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යය ධුරය පේෂල බණ්ඩාර ජයරත්න මහතාට ලබාදීමට තමා හා පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකඟ වූ බවද ඔහු කීවේය.
"ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රධාන ඇමති ධුරයෙන් ඉවත්වන ලෙස කිසිවකුගෙන් බලකිරීමක්, ඉල්ලීමක් සිදුවුණේ නෑ. නමුත් උතුරු මැද පළාත් සභාවේ බලපෙරළියකට සූදානමක් ඇති බවට තොරතුරු ලැබුණා. ඇතැම් පිරිස් උතුරු මැද පළාත් සභාවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් සමග එක්වී මෙම බලපෙරළිය සිදුකිරීමට කුමන්ත්‍රණ සිදුකළා. එම ක්‍රමන්ත්‍රණ පරාජය කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය ඇති කිරීමටත්, පක්ෂය ආරක්ෂා කිරීමටත් කෙටි කලකට ප්‍රධාන අමාත්‍යය ධුරය පේෂල ජයරත්න මහතාට ලබාදුන්නා. ඒ සඳහා උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟත්වය පළ කළා." යනුවෙන් ඔහු 'අද'ට පැවැසීය.