එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙවර උතුරු නැගෙනහිර පළාත්වලින් මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගනිමින් සිටින බව යාපනයේ උදයන් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ නඩේෂපිල්ලේ විද්‍යාදරන් පැවසීය.
මේ සම්බන්ධයෙන් යාපනය නගරයේදී ඊයේ (04දා) පැවති රැස්වීමකදී එවැනි සාමාජිකයන් 300 ක් පමණ හඳුනාගත් බව පැවසූ විද්‍යාදරන් මහතා, නමුත් ඉන් මැතිවරණයට ඉදිරිපත් කරන්නේ සාමාජිකයන් 25 ක් හෝ 30 ක් පමණක් බවද කියා සිටියේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ සහ වෙනත් ක්‍රියාකාරී ආයතනවල සිට රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ පුනරුත්ථාපනය වූ සාමාජිකයන් අතර සිටින උගත් සාමාජිකයන් පිරිසක් මෙවර දේශපාලන අපේක්ෂකයන් වශයෙන් තෝරාගන්නා බව ඔහු පැවසීය.