ඉදිරි මහමැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂය තනිවම තරග කරන බව එම පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එම පක්ෂ මූලස්ථානයේ අද (10දා) දහවල් පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ තම පක්ෂයට දිවයින පුරා ශක්තිමත් ඡන්ද පදනමක් තිබෙන බැවින් තනිවම තරග කිරීමට තීරණය කළ බවයි.
සෑම ආසනයකටම ආසන සංවිධායකවරයෙකු බැගින් සිටින බැවින් ඔවුන් සියලු දෙනා ගිනිසුළුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරන බව ෆොන්සේකා මහතා ප්රකාශ කළේය.