මාවනැල්ල නගරය ඊයේ (14දා) සවස පැයක පමණ කාලයක් ජලයෙන් යට වූ අතර, වෙළෙඳ සැල් මෙන්ම වාහන රැසකට ජලයෙන් හානි සිදු වූ බව ජනතාව පවසති.
ජලය නිසි ලෙස බැස නොයෑම හා ජලය බසින ප්‍රධාන ඇළ මාර්ගය පටු වීම හා නගරයේ ඇති ඇතැම් කානු පද්ධතිවල අපද්‍රව්‍ය හිර වීම හේතුවෙන් ජලය බැස නොයෑම හේතුවෙන් සුළු වර්ෂාවකදී පවා නගරය ජලයෙන් යටවන බව නගරවාසීහු පෙන්වා දෙති.
හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා සහ වර්තමාන මහා හා මාර්ග උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද නියෝජනය කරන ප්‍රධාන නගරයක් වන මෙම නගරය ඉදිරි කාලයේදී කඩිනමින් සංවර්ධනය විය යුතු බවත්, ඒ මගින් ජලය බැස යන ක්‍රමවේදයක් මෙන්ම නගරයේ බස්නැවතුම ඇතුළු සෙසු ගැටලු කඩිනමින් විසඳිය යුතු බවත් ජනතාවගේ මතය වී තිබේ.
සමන් විජය බණ්ඩාර