මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් මහපොළ මංගත ලොතරැයිය නැවත ආරම්භ කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ලොතරැයිය නැවත ක්‍රියාත්මක කිරීම හරහා ලැබෙන ආදායමෙන් විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සඳහා ප්‍රවේශ ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීමට මෙන්ම එහි වාරික මුදල වැඩි කිරීමටද හැකිවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.