මහනුවර ප්‍රසිද්ධ හෝටලයක ලැගුම් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු එහි දෙවැනි තට්ටුවෙන් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සංචාරක යුවළක් එම හෝටලයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී ඔවුන් දෙදෙනා අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් මෙසේ විදේශීය සංචාරකයා දෙවැනි මහලේ කාමරයේ සඳලුතලයෙන් බිමට පැන ඇති බව පොලීසිය කියයි.
රෝගියා සම්බන්ධයෙන් මහනුවර ශික්ෂණ රෝහලෙන් කළ විමසීමකදී එහි බලධාරියෙකු පවසා සිටියේ රෝගියා ඉහළ සිට පහළට වැටීමේදී ඔහුගේ අස්ථි බිඳී ඇති බවත්, ඔහු දැනට සිහිසුන්ව සිටින බවත්ය.මහනුවර මූලස්ථාන පොලීසියේ සංචාරක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.