මහනුවරට නයිට් රේස් එපා - මහනාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති
මේ මස 27 සහ 28 යන දිනවලදී මහනුවර නගරයේදී පැවැත්වීමට නියමිත රාත්‍රී මෝටර් රථ සැණකෙළිය වහාම නවත්වන්නැයි ත්‍රෛනිකායක මහනායක හිමිවරුන් ඊයේ (23දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම මෝටර් රථ සැණකෙළිය හේතුවෙන් ශ්‍රී දළදා මාලිගය පිහිටි මහනුවර නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයට හානියක් සිදුවිය හැකි බව මහනායක හිමිවරු පෙන්වා දෙති.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි, මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ්‍රී සුමංගල හිමි වෙනුවෙන් එම පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි යන හිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මෙම ඉල්ලීම කර තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

