මහනුවර ප්‍රදේශයේ රාජකාරි කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ සහායටත්රිවිධ හමුදා සාමාජිකයන් 3130ක් යොදවා සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
මෙම භට කණ්ඩායම මෙහෙයවීමේ කටයුතු මධ්‍යම පළාත් භාර මේජර් ජනරාල් රුක්මල් ඩයස් මහතා පත්කර තිබෙන බවත් ඔහුගේ සහායට මේජර් ජනරාල් නිශ්ශංක රණවනගේ මහතා පත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඒ අනුව මෙම භට කණ්ඩායමටයුද හමුදා සාමාජිකයන් 2500ක්,නාවික හමුදා සාමාජිකයන් 600ක් හාගුවන් හමුදා සාමාජිකයන් 30 දෙනෙකු ඇතුළත් වන බවද සඳහන් කළේය.
තවද මෙම සියලුම කටයුතු යුද හමුදාපතිවරයා සෘජුවම අධීක්ෂණය කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.