මහනුවර ප්රදේශයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධව ත්රස්තවිමර්ශන ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පූජාපිටිය, අඹතැන්න, වෙලේකඩේ පිහිටි ආගමික ස්ථානයට ප්රහාරයක් එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුවන් අද (05දා) අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුහු පූජාපිටිය පොලිස් වසමේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් පූජාපිටිය පොලිස් ස්ථානය වෙත බාරදීමට නියමිත බවද පොලීසිය පවසයි.