මාලඹේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය සම්බන්ධ ගැටලුවට ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බව කියමින් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු අද (14දා) දහවල් නිහඬ විරෝධතාවක නිරත වූහ.
මෙම ආයතනයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලඥයන් පවා එක්වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා මේ පිළිබඳ සොයා කඩිනම් විසඳුමක් ලබා දිය යුතු යැයි ද මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ සිට විරෝධතා පුවරු රැගෙන පා ගමනින් පැමිණි වෛද්‍යවරු මහනුවර මහ රෝහල ඉදිරිපිට මහා මාර්ගයේ සිට සිය විරෝධතාව පළ කළහ.
පැය භාගයක පමණ කාලයක් පැවැති මෙම විරෝධතාව සඳහා පන්සියයකට ආසන්න වෛද්‍යවරු පිරිසක් සහභාගීවී සිටියහ.