ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වූ වෙන්කත රෙංගම්මාල් බිසව වාසය කළ මහනුවර මැදවාසල මධ්‍ය සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය කිරීමෙන් අනතුරුව දින විදෙස් ජනයාගේ ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද (05දා) උසස් අධ්‍යාපන අමාත්‍ය සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
මෙය නැරඹීම සඳහා විදෙස් සංචාරක ටිකට්පතක මිල ඩොලර් 1ක් වන අතර, දේශීය සංචාරකයෙකු සඳහා රුපියල් 20ක් බවත්, වයස අවුරුදු 12ට අඩු ළමයින් සඳහා රු.10ක් වන අතර පාසල් නිලඇඳුමෙන් පැමිණෙන සියලු සිසුන් සඳහා නොමිලේ මෙය නැරඹීමට හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල දන්වා සිටියි.