මහනුවර තවත් මහා නගරයක් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මහානගර ව්‍යාපෘති සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“අද ඔබට ජීවත්වෙන්න ඉන්දියන් සාගරය මැද පුරවරයක් හදන්න යනවා. මහාපුරවල තිබෙන පහසුකම් සියල්ලම අපි ජනතාවට ලබාදෙනවා. ඒක තමයි මේ මහ නගර සැලස්ම. රටේ ආර්ථිකය තුළ ජාත්‍යන්තරයට සම්බන්ධවෙන්න පුළුවන් කේන්ද්‍රස්ථානයක් හදලා රටේ ආර්ථිකය ඔසවා තබන්න අපි මේහරහා බලාපොරොත්තු වෙනවා.
වංශකතාවල ලංකා පුරය ගැන කියවනවා. අද ඒතත්ත්වය ගේන්න අපි කටයුතු කරනවා.ජීවිත හොයාගෙන ඔබ ඩුබායි, ලන්ඩන්, ටෝකියෝ, සිංගප්පූරු යනවා. ඒතත්ත්වය අපි මෙහෙ ලබාදෙනවා.
මහානගර සංකල්පය හැම තැනටම පැතිරෙනවා. ජපන් අධාර අනුව මහානගරය තවත් මහා නගරයක් බවට පත්කරනවා. මේකෙන් ලංකාව ගොඩඅරගෙන 2030 දී වැඩි ආදායම් සහිත රටක් බවට පත්කරනවා* යනුවෙන් සඳහන් කළේය.