මහනුවර ගැටුම් ගැන මාහි කොමිසමෙන් පරීක්ෂණයක්
මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය නිවේදනයක් මගින් ප්‍රකාශ කරයි.
එම පරීක්ෂණයේ මූලික අදියර ලෙස මෙම සිදුවීම් වලින් හනියට පත්වූ පුද්ගලයන්ගෙන් සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් තොරතුරු සහ සාක්ෂි ලිඛිතව විමසන අතර එහිදී කරුණු දැක්වීමට අදාල දිනය, ස්ථානය, වේලාව, හඳුනාගත් පුද්ගල නාම සහ ආයතන නාම සඳහන් කළ යුතු බව නිවේදනයෙහි දැක්වෙයි. ඒ සමග ඡායාරූප, වීඩියෝ පට සහ හඬ පටද ඉදිරිපත් කළ හැකිය.
මෙම ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් පිටු තුනකට නොවැඩි වන සේ සකසා 2018 අප්‍රේල් 21 දින හෝ එයට පෙර ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් මහනුවර, පේරාදෙනිය පාරේ, ප්‍රිම් රෝස් පාරේ, අංක 8/1 හි පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත යොමු කළ හැකි බවද නිවේදනයේ දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


