කලහකාරි පිරිස් අතර මහනුවර දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවක සිදු වූ ගැටුම් හේතුවෙන් පුද්ගලන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මහනුවර දිස්ත්රික්කයටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබූවද බොහෝ පිරිස් එය නොතකමින් කලහකාරී ලෙස හැසීරීමට ගත් උත්සාහයන් පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මැඩපවත්වන්නට කටයුතු කළේය.
කටුගස්තොට,අඹතැන්න,සෙනරත්ගම,මඩවල,අලදෙණිය,උල්ලදුපිටිය,මැණික්හින්න,පූජාපිටිය ආදී ප්රදේශ ගණනාවක ගැටුම් ඇතිවිය. මෙහිදී තුවාල ලැබූවන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.