අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අවසන් කටයුතු හෙට (29දා) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
දේහය මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර, 1936 වසරේ උපන් විශ්වා වර්ණපාල මහතා මිය යන විට 79 වැනි වියේ පසුවිය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග දේශපාලන ගමන ආරම්භ කළ විශ්වා වර්ෂපාල මහතා, හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්ද වේ.
පුරප්පාඩු වූ සන්ධාන මහලේකම් තනතුරට ඉදිරි දිනවලදී සන්ධාන නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝජිතයෙකු පත්කිරීමට නියමිතය.