මහජන බැංකු සේවකයන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට පාලන අධිකාරිය කටයුතු නොකරන නිසා එයට එරෙහිව හෙට (07දා) එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
මූලික කරුණු 07ක් මුල් කරගනිමින් ප්‍රධාන කාර්යාලය ඇතුළු සමස්ත මහජන බැංකු ශාඛාවල රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බව එම සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතා අවධාරණය කළේය.
මහජන බැංකු සමස්ත සේවක සංඛ්‍යාව 8330ක් බවත් එම පිරිසෙන් 6887ක් තම සංගමයේ සාමාජිකයන් බවද හෙතෙම පවසා සිටියේය.
වෘත්තිය සමිති මර්දනය කිරීම, වෘත්තිය සමිති නියෝජතයන්ට දඬුවම් කිරීම, පළිගැනීම, සේවා දින අහෝසි කිරීම, සේවක දුක්ගැනවිලි සඳහා වන ඒකාබද්ධ මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව හා අභියාචනා මණ්ඩල අහෝසි කිරීම, මාරු මණ්ඩල අහෝසි කිරීමවලට විරෝධය පා මෙම වැඩවර්ජනය සිදුකරන බව සඳහන් කළේය.