ස්මාර්ට් දුරකථනවලින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව ඇප් මෘදුකාංගයක් හඳුන්වාදීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන තිබේ.
එමගින් පැමිණිලි ඉදිරිපත් කිරීම මෙන්ම අපිරිසුදු ස්ථාන, මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව ඡායාරූප කොළඹ මහනගර සභාවට යොමු කළ හැකිය. මෙය අනිද්දා 12 දා මහජනතාවට හඳුන්වාදෙන බව කොළඹ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.