පුද්ගලයන්ට අපේක්ෂත්වය ලබාදීමේදී සහ මහජන නියෝජිතයන්ට තනතුරු ලබාදීමේදී ඔහුගේ සාමාන්‍ය දැනීම පිළිබඳවවත් සලකා බැලිය යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදුහල්පතිවරියක දණගැස්සූ බවට චෝදනා එල්ලවී තිබෙන බවත්, විදුහල්පතිනිය නිල නිවසට කැඳවීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
නිවැරදි පුද්ගලයන් පක්ෂවලින් ඉදිරිපත් නොකළහොත් පාක්ෂිකයන්ට පක්ෂයට ඡන්දය ලබාදී මනාප ලබාදීමට සිදුවන්නේ ඉදිරිපත් කර සිටින පුද්ගලයාට බවද පවසා සිටියේය.
පළාත් පාලන ආයතන මැතිවරණය ගතහොත් පක්ෂයට ඡන්දය ලබාදුන් පසු ඉදිරිපත් කර සිටින අපේක්ෂකයා තේරී පත්වන බවද සඳහන් කළේය.