මහජන නියෝජිතයෙකු ලෙස සිටිය හැකි උපරිම වයස් සීමාවක් ඇති කළ යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි. වයස්ගත බොහෝ දේශපාලඥයන් විසින් ඔවුන්ට නොගැළපෙන ක්‍රියා සිදුකරමින් සිටින බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
සෑම රැකියාවකටම උපරිම වයස් සීමාවක් තිබුණද, දේශපාලඥයන්ට දේශාපලනය කිරීමට උපරිම වයස් සීමාවක් නොමැති වීම කනගාටුවට කරුණක් බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.