අගෝස්තු මස 17 වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 400 ක පමණ මුදලක් වැය වෙතැයි මේ වනවිට ගණන් බලා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද මාධ්‍යහමුවක් කැදවමින් පැවසීය.
සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ වගකීම මැතිවරණ දෙපාර්තමේන්තුවට හා පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව ඒ සඳහා දේශපාලනඥයන්ගේ සහ සමස්ත සමාජයේම සහයෝගය තමන් බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුටත් පැවසුයේ දේශපාලන වාසි ලැබෙන කිසිදු නව ව්‍යාපෘතියක් අදාළ මැතිවරණ කාල සීමාව තුළ අරම්භ නොකළ යුතු බවය
‘කරපු වැඩ කර ගෙන යන්න පුළුවන්, හැබැයි අළුත් ව්‍යාපෘති ආරම්භ කරන්න එපා, රාජ්‍ය උත්සවවලදීත් දේශපාලන කතා එපා’ හෙතෙම පැවසීය.