කොළඹ දන්ත රෝහල, නුවරඑළිය මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහලේ සිදුකෙරන ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව කොළඹ දන්ත රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් යුත් ගොඩනැගිල්ල ලබන ජුලි මස වනවිට ඉදිකර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.