මහ යකාව පැන්නූ තමන්ට තටුවකට පයින් ගසන එක අමාරු කාර්යයක් නොවන බවත්, දිනේශ්, විමල්, වාසු ආදී වූ මළගිය ප්රාණකාරයන් එය හොඳින් අවබෝධ කරගත යුතු බවත්, පූජ්‍ය දබර අමිල හිමියෝ පැවසූහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත්, දේවසිරි සහ කුමුදු කුසුම් යන අයට පසුගියදා පැවති මැයි රැලියේදී සිදුකළ පහරදීමට විරෝධය දක්වමින් පැවති මාධ්‍ය හමුවේදී අමිල හිමියෝ මේ බව පැවසූහ.
මෙම පහරදීමට අදාළ නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, පසුගිය ආණ්ඩුව සමයේ මෙන් කැලෑ නීතිය නොව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරන බවද පැවසූහ. මෙම සිදුවීමට විරෝධය පෑමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු සංවිධාන රැසක් ද එක්ව සිටියහ.