එළැඹෙන මහ මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජය ස්ථර බවත්, මෛත්රීපාල සිරිසේන ජනපතිවරයා එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැකගැනීම ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ යුතුකම බවද විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදී පැවැසීය.
අද (08දා) මෙම අදහස් ප්රකාශ කළ විපක්ෂ නායකවරයා සඳහන් කළේ තමා කළ කැපකිරිම් සඳහා එකඳු ජනපතිවරයෙකුගෙන් හෝ සාධාරණයක් ඉටුනොවූ බවත් හෙතෙම පැවැසීය.
තමා කඩේ යන්නේ පක්ෂය රැක ගැනිමට මිසක් නිලතල අපෙක්ෂාවෙන් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
හරීන් ප්රනාන්දු මහතා ඌව මහ ඇමති කිරීම සඳහා සහාය දුන් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවැසීය.