ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බැවින්, මහ මැතිවරණයට පෙර පක්ෂය දෙකඩවීමේ අවදානමක් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරං‘චි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව නියෝජනය කරන සාමාජිකයින් අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂපාතී පිරිසක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී පිරිසක් ලෙස සාමාජිකයින් දෙකට බෙදී %බලය ලබාගැනීමේ සීතල යුද්ධයක්^ ක්‍රියාත්මක වීම නිසා පක්ෂය දෙකඩ වීමේ අවදානම මතුව තිබේ.
සාමාන්‍ය‘යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කිරීමට යාමේදී විධායක සභාව පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව දැනුම්වත් කර එම කාර්යය සිදුකළද පෙරේදා (14දා) බත්තරමුල්ල %අපේ ගම^ පරිශ්‍ර‘යේදී සමස්ත ලංකා කාරක සභාවට නොදන්වා නිලධාරී මණ්ඩලය පත්කරගෙන තිබීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.
එම පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලය නියෝජනය කරන විධායක සභාව විසින් ගනු ලබන තීරණ පහළ මට්ටමේ සාමාජිකයා දක්වා ගෙනයන්නේ පළාත් සභා මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, මහ ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් නියෝජනය කරන සමස්ත ලංකා කාරක සභාව මගිනි.
කෙසේ වෙතත් අපේ ගම පරිශ්‍ර‘යේ අංක 02 ශාලාවට විධායක සභාවටද, අංක 01 ශාලාවට සමස්ත ලංකා කාරක සභාවටද පැමිණෙන්නැයි දක්වා තිබුණු අතර, එම අවස්ථාවේදී ලබාදුන් අයදුම්පත්‍රය නොමැති කිසිවෙකු එම ශාලා පරිශ්‍රයට ඇතුළත් කරගෙන නැතැයි වාර්තා වේ.
අංක 02 ශාලාවේදී පක්ෂ සභාපති, මහලේකම්, ජාතික සංවිධායක වැනි තනතුරු පත්කරගෙන තිබුණද අංක 01 ශාලාවේ සිටි සමස්ත ලංකා කාරක සභාවට ඒ පිළිබඳව වැටහීමක් නොතිබීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
විධායක සභා රැස්වීමට සහභාගී වී ආපසු යමින් සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගආරච්චි යන අයට බාධා කිරීම් සිදුව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රැස්වීමට පැමිණ පිටව ගිය පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එම ස්ථානයෙන් ඉවතට යාමට උත්සාහ කළද පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් ඇයට බාධා කළහ. මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ කැලණිය ප්‍රා‘දේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර යන අය ඒ අතර සිටියහ. තවත් පිරිසක් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වටකරමින් සිටි අතර, ජනාධිපතිවරයා පිටව යද්දී හූ හඬ නංවමින් පිරිසක් කෑ ගැසූ බව වාර්තා වේ.
මෙම බාධා කිරීම් පිළිබඳව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැමිණිලි කර තිබෙන අතර, විනය විරෝධීව කටයුතු කළ සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
අපේ ගම පරිශ්‍ර‘යේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමට සහභාගීවන්නැයි හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුං‘ග, මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ටද ආරාධනා කර තිබුණද කලින් යොදාගත් රාජකාරි සඳහා සහභාගී වන නිසා මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි බවට ඔවුන් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිඛිතව දන්වා තිබිණි.
මේ අතර ලබන 18 වැනිදා පැවැත්වෙන %මව්බිම අනතුරේ^ රැලිය සඳහා සහභාගී නොවන බව ශ්‍රී.ල.නි.ප. මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
එම රැලිය සංවිධානය කරන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවලට ඒ සඳහා ආරාධනා කර තිබෙන බවයි.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය විසින් මෙම රැලිය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකා ලක්ෂ 20 ක් මුද්‍රණය කර දිස්ත්‍රික්කවලට යවා තිබෙන අතර, අද (16දා) සවස 3.30 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.
අපේ ගම පරිශ්‍ර‘යේදී පත්කළ නිලධාරී මණ්ඩලය පිළිබඳව විරෝධය පළකළ ශ්‍රි.ල.නි.ප. සමස්ත ලංකා කාරක සභිකයන් පවසන්නේ පක්ෂය දෙකඩ කිරීමේ උවමනාවක් මේ හරහා දියත්වන බවයි.
විධායක සභාව නියෝජනය කරන නිලධාරීන් පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයෙහිලා සලකන අතර, සමස්ත ලංකා දිස්ත්‍රික් කාරක සභිකයන් තමන්ගේ නායකයා ලෙස සලකන්නේ මහින්ද රාජපක්ෂ මහතාය.
මේ තත්ත්වය තුළ මහ මැතිවරණයට පෙර ශ්‍රී.ල.නි.ප. දෙකඩවීමේ අවදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පෙරේදා (14දා) දිනයේදී අපේ ගම පරිශ්‍ර‘යේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂය භාරදුන්නේ තමන් ඇතුළු පිරිස ඉදිරිපිටදී බවයි. කථානායකවරයාගේ නිවසේ පැවැති එම සාකච්ඡාවේදී අවශ්‍ය නිලධාරී මණ්ඩලය පත් කරගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය පැවරූ බවත්, එය නොදන්නා පිරිස් වෙනත් ප්‍රශ්න මතුකරන්නට උත්සාහ ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම අගමැති අපේක්ෂකත්වය සම්බන්ධව අදහස් දැක්වූ විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසු මධ්‍යම කාරක සභාව මගින් නාමයෝජනා මණ්ඩලයක් පත්කර නාමයෝජනා ඉල්ලුම් කළ පසු තරග කරන අය කවුරුන්ද කියා තීරණය කරන බවයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පාර්ශ්වයෙන් කෙනෙකු අගමැතිවරයා ලෙස පත්කරන බවත්, ජනාධිපතිවරයා විසින් එම කටයුතු සිදුකරනු ලබන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.