කේවල ක්‍රමය යටතේ ආසන 165ක්, සමානුපාතික ක්‍රමය යටතේ ආසන 60 ක් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 25 කින් සමන්විත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟත්වයකට පැමිණි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කොමසාරිස්වරයා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවත්, මැතිවරණ කොට්ඨාශ යළිත් නීර්ණය කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි එකම යෝජනාව එය බවත් අමාත්‍යවරයා බීබීසී සංදේශයට එක්වෙමින් මේබව පැවසීය.