මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් මණ්ඩලය කටයුතු කර තිබේ. 2015 අප්‍රේල් මස 11 වැනි දින පැවති මුදල් මණ්ඩලය රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අනුව ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) අප්‍රේල් 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පිළිවෙළින් 6% සහ 7.5% දක්වා අඩු කර තිබේ.