මහ බැංකුව මේ වනවිටත් ඍජු ස්ථානගත කිරීමේ ක්‍රමය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම් සිදු නොකරන හෙයින් ඉන් ඇති වන ප්‍රතිවිපාකවලට මහ බැංකු නිලධාරීන් වගකිවයුතු යැයි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඊයේ (14දා)දැනුම් දුන්නේය.
මහ බැංකුවේ නිලධාරීන් දිගින් දිගටම පවත්වාගෙන යන මේ ක්‍රමය ප්‍රතික්ෂේප නොකිරීම හේතුවෙන් මුදල් මණ්ඩලයත් ඊට වගකිය යුතු යැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඒ බව හෙළි කළේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරතිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාගය සිදුකෙරේ.
ප්‍ර. - අදත් ඍජු ස්ථානගත කිරීමේ ක්‍රමය ක්රියාත්මවන්නේ නැහැ නේද?
පිළි. - නැහැ.
ප්‍ර. - අදත් ඍජු ස්ථානගත කිරීමේ ක්‍රමය ක්රියාත්මවන්නේ නැතුව වෙනත් ක්‍රමයක් ක්‍රියාත්මක වනවා නම් එයට වගකිවයුත්තේ මහ බැංකුවේ නිලධාරීන්ද?
පිළි. - ඔව්.
ප්‍ර. -මහ බැංකුවේ නිලධාරීන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන ක්‍රමය මුදල් මණ්ඩලය ප්රත්ක්ෂේප කොට නැහැ නේද?
පිළි. - එහෙනම් මුදල් මණ්ඩලය ඊට වගකිව යුතුයි.
යනුවෙන් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා කොමිසමට දැනුම් දුනනේය.