ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට එහි සහකාර අධිපතිවරයෙකුව සිටි සුනිල් ලංකාතිලක මහතා 2016 ජනවාරි 24 වැනිදා සිට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය විසින් පත්කර තිබේ.
මෙම තනතුරට පත්වනවිට එස්.ලංකාතිලක මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සහ මිල ස්ථායීතාව, මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ නියෝජිත කාර්යයන් පිළිබඳ වසර 30ක පමණ කාලයක් සේවය කර ඇත.
හෙතෙම එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව වාණිජවේදී ගෞරව උපාධියක්ද ලබා ඇත.