පසුගිය දස වසර තුළ මහ බැංකුවේ ක්රියාකාරීත්වය විමසා බැලීමට මහ බැංකු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන බවත්, මහ බැංකුව ඉතා යහපත් තත්ත්වයකට පත්කරන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවට පැවසීය.
මහබැංකුවේ සේවකයන් 200කට පමණ එකවර ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ ප්රකාශයකට පිළිතුරු ලෙස අග්රාමාත්යවරයා මේ බව කීය.
වසර පහකට වඩා වැඩි කාලයක් මහ බැංකුවේ එකම තනතුරේ සේවය කළ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරුවීම් ලබාදුන් බවත්, එලෙස වසර පහට වඩා එකම ස්ථානයේ සිටීමට අවසර දුන්නේ කවුදැයි සොයාබැලිය යුතු බවත් අග්රාමාත්යවරයා අවධාරණය කළේය.
පසුගිය කාලයේ සිදු වූ හෙජිං ගනුදෙනුව, ග්රීක බැඳුම්කර, අර්ථසාධක මුදල් වංචාව ආදියටවගකියන්නේ කවුදැයි යනුවෙන් අගමැතිවරයා ප්රශ්න කළේය.
රට ගැන සිතා කටයුතු කිරීමට මහ බැංකුවට නොහැකි නම් එහි වගකීම නිලධාරීන් විසින් භාරගත යුතු බවද අග්රාමාත්යවරයා ප්රකාශ කළේය.
මහ බැංකු ප්රශ්නය හේතුවෙන් ඊයේ (08දා) සභාව තරමක් උණුසුම් වූ අතර, විනාඩි 10 ක් පාර්ලිමේන්තුව කල්තැබීමටද කථානායකවරයාට සිදුවිය.