මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරින් ඉවත්කර ඔහුගේ ක්‍රියාකලාපය නිසා යම් මූල්‍ය හානියක් සිදු වී තිබෙනවා නම් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලබන සතිය තුළ ගෙනඑන යෝජනාවට මේ වනවිට පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් 100 දෙනෙකු අත්සන් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරුන් තිදෙනෙකු,
රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු හා මන්ත්‍රීවරුන් 91 දෙනෙකු මෙම යෝජනාවට අත්සන් තබා තිබේ. මෙම යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව අවසන් තීරණය ගැනීමට පක්ෂ නායකයන් 18 වැනිදා රැස්වීමට නියමිතය.
මෙම පෙත්සම සඳහා විපක්ෂනායකවරයා ඇතුළු කිහිපදෙනෙකු මෙතෙක් අත්සන් තබා නොමැති අතර, මේ පිළිබඳව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ යෝජනාවට තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.